අරුනෝද අලුතින් කොත්තු කඩයක් දාලා ඒකේ වේටර් හැටියට කවිතව ගත්තා. ටික දවසක් යද්දි සෙනඟ වැල නොකැඩී එන්න ගත්තා. දැන් කවිතට ඒ එන සෙනඟ දරා ගන්න බෑ. අරුනෝද තව අය වැඩට ගන්න ඕන, එහෙම ගත්තොත් ඒ අය අතර සෙනග බෙදන්නේ කොහොමද? පටලවගන්නනෙ නැතුව කාපුවට බිල දාගන්නේ කොහොමද? අද අපි කතා කරේ ලෝඩ් බැලන්සින් වලින් ඒ වැඩේ ගොඩදාන හැටි. ලෝඩ් බැලන්සින් වැඩ කරන හැටි වගේම එක එක ලෝඩ් බැලන්ස් කරන ක්‍රම ගැනත් අපි කතා කරා. ඒ වගේමයි අපි AWS වල අපේම ලෝඩ් බැලන්සර් එකකුත් හැදුවා.