අද අපි කතා කරේ frameworks සහ libraries අතර වෙනස ගැන. ඇත්තටම අපිට frameworks ඕනද? කොයි වෙලාවටද ඒවා හොද කොයි වෙලාවටද ඒවා නරක වගේ දේවල් අපි කතා කරා. ඊට අමතරම අපි react ඇයි framework එකක් නොවන්නේ කියන එක ගැනයි, කිසිම bundler එකක් නැතුව නිකන් plain html js site එකක් ඇතුලේ react component එකක් ලිව්වා. React library එක ඔයාගේ අතින්ම ආයෙම ලියන්නේ කොහොමද කියන එකයි, ජනප්‍රිය tools framework වල clone එකක් ලියන විදිය ගැනත් අපි කතා කරා.